ලංකාවේ ඩයලොග් ටෙලිකොම් සමාගමත් දැන් ස්කයිපි හරහා ලෝකයේ ඕනෑම රටකට ඇමතුම් ගන්න පහසුකම් සපයා ඇත.මම මීට ඉහත ලිපියෙන් සදහන් කල පරිදි එටිසලාට් සමාගම තමා මුලින්ම මෙම සේවාව ආරම්භ කලේ.නමුත් දැන් ඩයලොග් ටෙලිකොම් සමාගම ඊටත් වඩා අඩු මුදලකට මෙම සේවාව ලබා දෙනවා.රුපියල් 2ක් වැනි මුදලක් විනාඩියකට වැය කරල ලෝකයේ ඕනම රටක ඉන්න කෙනෙකුට දුරකතන ඇමතුම් ලබා ගැනීමට මේ මගින් අවස්ථාව සැලසෙනවා.මේ සදහා මුලින්ම ඔබගේ ජංගම දුරකථනයෙන් (SKYPE )හිස් තැනක් ඔබ ඇමතුම ලබා ගන්නාගේ skype-ID එක ටයිප් කරලා 678 අංකයට කෙටි පනිවිඩයක් යවන්න.ඉන් පසුව දුරකථනයට ලැබෙන පිලිතුරු කෙටි පනිවුඩයේ සදහන් දුරකථන අංකය සේව් කරලා අදාල පුද්ගලයාට ඇමතුම ලබාගත හැකියි.ඇමතුම ලබා ගන්නා අවස්ථාවේ ඇමතුම ලබන්නා ස්කයිපි භාවිතාවේ රැදී සිටිය යුතුය.
01)උදාහරණයක් ලෙස අපි හිතමු ඔබ ඇමතුම ලබාදෙන්නාගේ SKYPE-ID එක (පවන් 123) කියලා.එසේ නම් ඔබ(SKYPE<හිස් තැනක්> පවන් 123)ඔබගේ ජංගම දුරකථනයෙන් TYPE කර 678 අංකයට යවන්න.
01)ඉන් පසුව ඔබගේ දුරකථනයට ලැබෙන පිලිතුරු කෙටි පනිවුඩයේ සදහන් අංකය මතක ඇතිව අදාල පුද්ගලයාගේ නමින් ( SAVE) කරගන්න.
03)එම අංකය භාවිථා කොට දැන් ඔබ ඇමතුම් ලබාගන්න.
04)ඔබට මේ සම්භන්දව වැඩිදුර තොරතුරු මෙම යොමුවෙන් ලබාගත හැකිය.
05)මෙම කෙටි පනිවුඩය යැවීම සදහා ඔබගෙන් කිසිදු මුදලක් අය නොකෙරේ.


No comments:
Post a Comment